brand logo

කෝටි 6කට විකුණන්න ගිය වාලම්පුරි දෙක

02 October 2020

රුපියල් කෝටි හයකට වාලම්පුරි දෙකක් විකිණීමට තැත්කළ සැකකරුවන් හතර දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා කළුතර විශේෂ ඒකකය මගින් ඊයේ (01 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. ඉමදුව කෝදාගොඩදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හැටන් සහ ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අත්අඩංගුවට ගත් පිරිස අතර පාසල් ගුරුවරයෙක් හා විශ්‍රාමික ගුවන් හමුදා සෙබෙළෙක්ද වෙති. මෙම වාලම්පුරි දෙක විකිණීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇත්තේ පොලිස් පරීක්ෂක ජේ.පී.පී. අංජනටය. ඒ අනුව ඔහු ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් සැකකරුවන් ගාල්ල ඉමදුව ප්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා ඉමදුව පොලිසියට භාරදී තිබේ. හේමන්ත ලියනපතිරණ/ අක්මීමන - එච්.එම්. සමන්
 

More News..