brand logo

කොළොන්නාව නගර සභාවේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ්

05 November 2020

කොළොන්නාව නගර සභාවේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයෙන් හදුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් ඇත. කොළොන්නාව ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ඒකනායක මහතා සදහන් කළේ ජේ.සී.බී. යන්ත්‍ර ක්‍රියාකරු, රියදුරුවරයෙකුට සහ කොම්පෝස්ට් අංගනයේ භාරකරුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයින් ස්ථාන කිහිපයකම සිටින බැවින් කොළොන්නා නගර සභා සීමාවේ කසළ කළමනාකරණ කරගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ද ආර්. ඒකනායක මහතා පවසයි. එමෙන්ම නගර සභාවේ මේ වන විට කම්කරුවන්, රියැදුරන් මෙන්ම සේවකයන්ගේ ද අඩුවක් පවතින බව කොළොන්නාව ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ඒකනායක මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..