brand logo

කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

17 October 2019

කොළඹ 13,14,15 යන ප්‍රදේශවලට අනින්දා රාත්‍රි 9 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්‍රදේශවලට එම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සපයනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය. මෙම ජලය සැපයුම අත්හිටුවන්නේ මහකොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සන්ධාන කළේය.
 

More News..