brand logo

කොළඹ සුපිරි ඉඩම් කොල්ලකන හොර ඔප්පු කල්ලිවලට මින්මතු ඉඩ නැහැ -ආරක්ෂක ලේකම්

15 June 2020

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකෝටිපතියන් සතු ඉඩම්වලට හා නිවාසවලට ව්‍යාජ ඔප්පු සාදා දේපොළ කොල්ලකන සංවිධානාත්මක අපරාධ කල්ලි මැඬපැවැත්වීමට පාතාලය මර්දනය කරන ආකාරයෙන්ම සුවිශේෂී වැඩපිළිවෙළක් යොදන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ​ෙජනරාල් කමල් ගුණරත්න ‘අරුණ’ට පැවසීය. ‘හොර ඔප්පු සකස්කර ඉඩම්, නිවාස විකිණීමත් පාතාල වැඩක්. අපි ඒවාත් නවත්වා ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වැඩපිළිවෙළක් යොදනවා’’ යැයිද මේ පිළිබඳව අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පැවැසීය. කොළඹ හතේ පිහිටි බිලියන ගණන් වටිනා නිවාස හා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා විකුණන කල්ලියක් මෑතකදී ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්යාලය අසල බිලියන එකහමාරක් පමණ වටිනා නිවසක් ඇල්ලීම සඳහා එහි හිමිකරු ඝාතනය කළේය. මෙම තත්ත්වය මත කොළඹ හත ඇතුළු වටිනා ඉඩම් හා නිවාස හිමි ප්‍රකෝටිපති වයස්ගතවූවන් දැඩි බියෙන් පසුවන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..