brand logo

කොළඹ සරසවියක සිසුවෙකුටත් කෝවිඩ්

08 October 2020

කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි එම පෞද්ගලික විශ්ව විද්‍යාලයේ කළමණාකාරිත්වය පෙන්වා දෙන්නේ පසුගිය 04 වැනි ඉරුදින ඔවුන්ගේ කොළඹ ශාඛාවට පැමිණි සිසුවෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. අදාළ සිසුවාගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබන බවද එම නිවේදනයේ සදහන් වේ. ඒ අනුව පසුගිය 04වන දින හෝ ඊට පසුදිනවල දී ICBT විශ්ව විද්‍යාලයට පැමිණි පුද්ගලයින්ට රජය සහ සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මාලාවට අනුව කටයුතු කරන ලෙස එහි පරිපාලන නිලධාරීන් විසින් ඉල්ලා සිටියි.
 

More News..