brand logo

කොළඹ සති තුනක් ලොක්ඩවුන් කරයි ද?

17 November 2020

කොළඹ නගරය අවම වශයෙන් සති තුනක කාලයක් හුදකලා කළ යුතු බව කොළඹ මහනගර සභා නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි. දැඩි සංචරණ සීමා දමමින් නගරය දැඩි පාලනයකට යටත් කර කිසිදු පුද්ගලයෙකුට නගරය තුළට පැමිණීම තහනම් කළ යුතු බව නගරාධිපතිනිය සදහන් කරයි. එමෙන්ම හුදකලා කළ ප්‍රදේශවලින් පිටවීමට කිසිදු පුද්ගලයෙකුට අවසර නොදෙන ආකාරයේ දැඩි පාලනයක් නොකළහොත් ව්‍යසනයකට මුහුණදීමට සිදුවන ඇතැයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය පවසයි. එලෙස දැඩි තීරණය නොගතහොත් රටේ අනෙකුත් ප්‍රදේශවලට ද වෛරසය ව්‍යාප්ත විය හැකි බව නගරාධිපතිනිය සදහන් කරයි.
 

More News..