brand logo

කොළඹ විරෝධතාවයේදී පොලිසිය කාන්තාවන්ට කළ හිරිහැර හෙළාදකිනවා

12 June 2020

සමගි වනිතා ජන බලවේගය නමින් කාන්තා බලවේගයක් එළඹෙන සතියේදී පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණාකි ප්‍රේමචන්ද්‍ර පැවසුවාය. මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ ඇතුළු කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ මෙම කාන්තා බලවේගය පිහිටුවීමෙන් පසු සියලුම කාන්තාවන්ගේ ගැටලු සඳහා විසඳුම් සෙවීමට බලාපොරොත්තු වන බවයි. පෙරටුගාමී පක්ෂය කොළඹදී පසුගියදා පැවැත්වූ විරෝධතාවයේදී කාන්තා පාර්ශ්වයට පොලිසිය විසින් හැරි හැර කිරීම ඉතා අසෝබන බවත් තමන් එය දැඩි ලෙස හෙළා දකින බවත් මන්ත්‍රීවරිය සඳහන් කළාය. කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයමට පත් වන විට ප්‍රකාශ කළ ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට වල් වැදී ඇති බවද මන්ත්‍රීවරිය පැවසුවාය. චාමර පල්ලේගෙදර
 

More News..