brand logo

කොළඹ වැසිකිළි දස දහසක් කැලණි ගඟට සම්බන්ධයි

03 October 2020

කොළඹ දිස්ත්‍රික්කයේ කැලණි ගඟ දෙපස නිවාසවල වැසිකිළි දස දහසකට (10,000) අධික සංඛ්‍යාවක අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ එම ගංගාවට බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මේ හේතුව මත කැලණි ගඟ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇතැයිද එම අධිකාරිය සඳහන් කරයි. කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා කලාපයේදී තෝරාගත් ස්ථාන 17කින් ජල සාම්පල ලබාගෙන නිරුතුරු පරීක්ෂාවට ලක් කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඇතැම් කර්මාන්තශාලාවලින්ද හොර රහසේ වැසිකිළි අපද්‍රව්‍ය ඇතුළු දෑ කැලණි ගඟට බැහැර කෙරෙන බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇතැයි රජයේ පරිසර අංශ කියයි. සාලිය කුමාර ගුණසේකර
 

More News..