brand logo

කොළඹ වායු දූෂණය දෙගුණයකින් ඉහළට

06 November 2019

කොළඹ නගරයේ වායු දූෂණය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණ තත්ත්වයට මෙයට හේතුවිය හැකි බවට සැකකරන බවයි. කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය අද (06) දහවල් කාලය වන විට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබු බව සරත් ප්‍රේමසිරි මහතා සදහන් කළේය. ඊයේ රාත්‍රී කාලයේ සිට අද උදෑසන කාලය දක්වා මෙම මීදුම් වැනි තත්ත්වය දැඩිව දක්නට ලැබීය. මෙම වායු දුෂණය හේතුවෙන් ස්වශන රෝග සහිත පුද්ගලයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජේෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
 

More News..