brand logo

කොළඹ වායු දුෂණය යලි ඉහළ යන ලකුණු

17 May 2020

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ ඇඳිරි නීති සමයේ කොළඹ නගරයේ සීඝ්‍රයෙන්  පහළගිය වායූ දූෂණ මට්ටම නැවත මේ වන විට ඉහළ යෑමේ ප්‍රවණතාවයකින් පවතින බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පවසයි.
 කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ඇදිරි නීතිය පැනවීමත් සමඟ කොළඹ එදිනෙදා පැවැති වායූ දූෂණ මට්ටම සීඝ්‍රයෙන් පහළ ගිය බවත්   නැවත  රථ වාහන ගමනාගමනය සහ අනෙකුත් ක්‍රියාකාරකම් වැඩි වීමත් සමග කොළඹ නගරයේ වායු දූෂණය ක්‍රමයෙන් වැඩිවී ඇති බව     ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ  සරත් ප්‍රේමසිරි මහතා  පවසා සිටියේය.
පසුගිය සමයේ කොළඹ අවට වායූ ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණයේ අවම මට්ටම ලෙස සටහන් වූයේ මයික්‍රොග්‍රෑම් 10ක් බවත් නමුත් දැන් මයික්‍රොග්‍රෑම් 18ක් 20ක් වැනි අගයක් දක්වන බව ඔහු පවසයි.
2025  වන විට මේ වන විට ලද අධ්‍යන වලට අනුව මෙරට නාගරික වායු දූෂණය අවම කිරීමට සැලසුමක් සකස් කරන බව ද ඔහු වැඩිදුරටත්  පැවසීය.
අශිකා ජයවීර
 
 

More News..