brand logo

කොළඹ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය යළිත් ඉහළට

13 November 2019

කොළඹ නගරයේ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය අද දිනයේ දී ද යළිත් වරක් ඉහළ ගොස් තිබේ. කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල වෙබ් අඩවියේ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයට අනුව අද (13) පෙරවරු 9.00 වන විට කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 149ක් ගත් බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ කොළඹ වායුගෝලයේ ගුණාත්මක දර්ශකයේ අගය ඒකක 100 වැඩි අගයක පවතින බවයි. ඒ පිළිබඳ ශ්වසන රෝගීන් සහ කුඩා දරුවන් විමසිලිමත් විය යුතු බව සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ ය.
 

More News..