brand logo

කොළඹ ව්‍යාපෘති රැසකට ‘කොරෝනා’

11 February 2020

නව කොරෝනා වෛරස් සිද්ධියත් සමග කොළඹ නගරයේ සිදුකරමින් පවතින මහා පරිමාණ ව්‍යාපෘති රැසක කටයුතු අඩාළ වී ඇති බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිශ්ශංක එස්. විජේරත්න පවසයි. ඒ අනුව සති තුනකට අධික කාලයක් තිස්සේ මෙම ව්‍යාපෘති ඇනහිට ඇති අතර එය මෙම ව්‍යාපෘතිවල ප්‍රගතියට විශාල බලපෑමක් බව හෙතෙම කියා සිටී. ඔහු පවසන පරිදි මෙරට සිටින චීන කම්කරුවන්ට ගෘහස්ථව රැඳී සිටීමට උපදෙස් දී ඇති අතර වෛරසය බෝවෙතැයි බියෙන් ශ්‍රී ලාංකික කම්කරුවන්ද සේවයට වාර්තා කර නැත. මේ සම්බන්ධව පසුගියදා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක්, චීන තානාපති කාර්යාලයේ නිලධාරී සමග සාකච්ඡාවක් පවත්වා ඇත. චීන අවුරුදු උදාව නිමිත්තෙන් පිටව ගිය කම්කරුවන් නැවත ගෙන්වාගැනීම සඳහා කටයුතු කරන ලෙස එහිදී ඉල්ලීම් කර තිබේ. කෙසේ නමුත් දෙරටේ පනවා ඇති සීමාවන් මත එම කම්කරුවන්ට නැවත පැමිණීම දුෂ්කර කටයුත්තක්ව ඇත. මෙරට ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ චීන ව්‍යාපෘතිවල සිටින කම්කරුවන්ගෙන් 30% - 40% කට ආසන්න ප්‍රමාණයක් චීන ජාතිකයන් වන අතර දේශීය සමාගම් ද චීන කම්කරුවන් සේවයේ යෙදවීම ආරම්භ කර ඇත. තවද මෙරට ඉදිකිරීම් අංශයේ නිල වශයෙන් චීන කම්කරුවන් 15,000 ක් පමණ සිටින අතර නිල නොවන ලෙස 100,000 කට ආසන්න පිරිසක් මෙහි සේවය කරන බවට විශ්වාස කෙරේ.   ශිරන්තනි මානවඩු
 

More News..