කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
02 July 2020
කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
02 July 2020
කොළඹ වරාය සේවකයින් විසින් අද (02) දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
වරාය අධිකාරියේ ශ්රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්රසන්න කළුතරගේ මහතා සදහන් කළේ වරාය සියලු වෘත්තීය සමිති රැස්වී ගත් තීන්දුවකට අනුව වැඩවර්ජනය ආරම්භ කළ බවයි.
චීනයෙන් ගෙන් වන ලද දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට විරෝධය පළකර තිබේ. මේ හේතුවෙන් වරාය වෘත්තිය සමිති ක්රියාකාරීන් තිදෙනෙකු ඊයේ (01) වැඩවර්ජනයක් ක්රියාත්මක කර ඇත.
මෙම උපවාසයට සහාය පළ කරමින් කොළඹ වරායේ වෘත්තිය සමිති කිහිපයක් ද වැඩවර්ජනයට එක්ව තිබේ.
අදාළ දොඹකර වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි කිරීමට බලධාරීන් එකගතාව පළ කරන තුරු වැඩවර්ජනය අඛණ්ඩව සිදුකරන බව වෘත්තීය සමිති සදහන් කළේය.