brand logo

කොළඹ වරායේ මෙහෙයුම් යථා තත්ත්වයට

26 November 2020

කොළඹ වරායේ සියලු මෙහෙයුම් පර්යන්ත හා සහෝදර පර්යන්තයන්ගේ සියලු මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව ඇත. කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වරායේ පර්යන්තයන්වල වැඩ කටයුතු වලට යම් බලපෑමක් සිදුවිය. කොළඹ වරායේ මෙහෙයුම් පෙර පරිදි කාර්යක්ෂම ලෙසින් සිදුකිරීම සදහා මේ වන විට ජය බහලු පර්යන්තය, නැගෙනහිර බහලු පර්යන්තය, සමගි බහලු පර්යන්තය, එස්.ඒ.ජී.ටී. පර්යන්තය, සී.අයි.සී.ටී. පර්යන්තය ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගෙන ඇත බව වරාය බලධාරීන් සදහන් කරයි. සෞඛ්‍ය අංශ විසින් කොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ගෙන ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිසි ලෙසින් කොළඹ වරායේ බහලු මෙහෙයුම් සිදුකෙරෙන බව එහ කළමණාකාරිත්වය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..