brand logo

කොළඹ රෝහලේ හඳුනා නොගත් සිරුරු 20ක්

11 May 2021

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වුණු හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් තැන්පත් තිබෙන බව එහි නිලධාරීන් සඳහන් කර ඇත. එම සිරුරු වලින් වැඩිම ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන්ගේ වන අතර කාන්තාවකගේ මෘත ශරීරයක් ද තිබෙන බව වාර්තා වී තිබේ. මෘතදේහ හඳුනා ගැනීම සඳහා ඒ ඒ පොලිස් ස්ථාන දැනටමත් පරීක්ෂණ අරඹා තිබෙන අතර අයිතිකරුවන් හඳුනාගත් පසුව ඒවා භාරදීමට කටයුතු කරන බවත් කොළඹ ජාතික රෝහල සඳහන් කර ඇත. මෘතදේහ හඳුනා ගැනීමට නොහැකි වුවහොත් ඒවා රජයේ වියදමෙන් භූමිදානය කිරීමට කටයුතු කරන බවද එම රෝහල් ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
 

More News..