brand logo

කොළඹ මාර්ග කිහිපයක් අද තාවකාලිකව වැසෙයි

14 July 2019

කොළඹ කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක අද (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේ අද උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි. ඒ, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධාන කරන මෝටර් රථවලින් තොර කලාපය හෙවත් ‘CAR FREE ZONE’ වැඩසටහන හේතුවෙනි. ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථ වාහන ගමනා ගමනය සිදු නොකෙරෙනු ඇති. මාර්ග වසා තැබෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 

More News..