brand logo

කොළඹ මහ නගර සභා සේවකයින්ගේ පී.සී.ආර්. වාර්තාව

17 October 2020

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ගෙන් ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අද දින තුළ ලැබීමට නියමිත බවට තොරතුරු වේ. කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ ඊයේ දිනයේදි ලබාගත් PCR පරීක්ෂණවල වාර්තා මෙලෙස ලැබීමට නියමිත බවයි. කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදානේ පිහිටි පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ලට සහ මරදානේ පිහිටි නගර සභාවට අයත් ගොඩනැගිල්ලකට ජනතාවට ඇතුළු වීම සති 02 කට මේ වනවිට සීමා කර තිබේ. මේ අතර කොළඹ මහ නගර සභාවේ සේවක සේවිකාවන්ට මෙන්ම එහි නාගරික මන්ත්‍රීවරුන්ට ද නගර සභා ගොඩනැගිල්ලට නොපැමිණෙන ලෙස කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය වට්ස්ඇප් මගින් ඔවුන්ට දන්වා තිබේ.
 

More News..