brand logo

කොළඹ මහ නගර සභාවට කෝටි 03කට අධික වටිනා ස්කෑනර් යන්ත්‍රය මිලට ගැනීමට සුදානමක්

12 June 2019

කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි තුනහාමරක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වෙයි. කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය මුදල් කාරක සභාවට මේ පිළිබඳ යෝජනාවක් යොමුකර ඇතැයි වාර්තාවන අතර නගර සභාවට පැමිණෙන 2000 කට අධික සේවා ලාභීන්ගේ හා නගර සභාවට පැමිණෙන 2000 ක් පමණ වන සේවකයින්ගෙන් ආරක්ෂාව සඳහා මෙම ආරක්ෂක උපකරණය යන්ත්‍රය මිලදී ගැනීමට හේතු වී ඇති බව එම යෝජනාවේ සඳහන්ව ඇති බවට වාර්තා වෙයි.
 

More News..