brand logo

කොළඹ මහනගර සභාවෙන් දැනුම් දීමක්

16 October 2020

කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස‘කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව යි. මේ අනුව නගර සභවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙස දැනුම් දෙනවා. අන්තර්ජාලය ඔස්සේ සහ බැංකු කාර්යාල හරහා වරිපනම් බදු සහ කුලී ගෙවීම් සිදුකළ හැකි බව නාගරික කොමසාරිස්වරිය පෙන්වාදෙයි. කොළඹ මහනගර සභාවේ නිලධාරිනියකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා. තවද කොළඹ මහනගර සභවේ නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අද(16) දිනයේ පීසීආර් පරීක්ෂණයකට භාජනය විමට නියමිතයි.
 

More News..