brand logo

කොළඹ පී.සී.ආර්. 2884න් 10ක් පොසිටිව්

14 October 2020

ගතවූ දින 8 තුළ කොළඹ නගරයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් කොවිඩ්-19 ආසාදිතයින් දසදෙනෙකු හදුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසුවේ පසුගිය 6 වනදා සිට මේ දක්වා කළ පී.සී.ආර්. පරීක්ෂණ 2884ක් සිදුකළ බවයි. එහිදී හදුනාගත් ආසාදිතයින්ගෙන් 05දෙනෙකු පමණක් කොළඹ නගරයෙන් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා සදහන් කළේය. මේ අතර මෙරටින් හදුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5038ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයින් 3328දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. තවත් ආසාදිතයින් 1697දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.
 

More News..