brand logo

කොළඹ ප්‍රදේශ යළි හුදකලා කිරීමේ අවදානමක

13 January 2021

කොළඹ ප්‍රදේශ 02ක් නැවත හුදකලා කිරීමේ අවදානමක පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අවනත නොවී නැවතත් සමූහ වශයෙන් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් ඇති බවට සිවිල් ඇඳුමින් නිරීක්ෂණ කටයුතුවල නිරත වූ පොලිස් නිලධාරීන් වාර්තා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම ප්‍රදේශවල ජනතාව නැවතත් එළෙස සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරමින් ඇති බව ඔහු පෙන්වා දෙයි. එම ප්‍රදේශවලින් කොවිඩ් පොකුරු සහ අනු පොකුරු ඇතිවීමේ ඉඩකඩ ඇති බැවින් යළිත් අවදානමක් මතු වුවහොත් එම ප්‍රදේශ නැවත හුදකලා කිරීමට සිදුවිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව වැඩි අවධානයකින් කටයුතු කළයුතු බවද ඔහු සඳහන් කරයි.
 

More News..