brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

09 October 2020

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක හෙට (10) දිනයේ පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට(10) රාත්‍රි 10 සිට පසුදින(11) උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.
 

More News..