brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

25 September 2020

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම හෙට (26) රාත්‍රි 08.00 සිට පැය 10ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට රාත්‍රී 08.00 සිට ඉරිදා පෙරවරු 06.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව එම මණ්ඩලය සඳහන් කළේය. මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අතශවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය පැවසීය.
 

More News..