brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

17 September 2020

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (17) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද ප.ව. 08:00 සිට හෙට (18) පෙ.ව. 08:00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය. මේ අතර කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..