brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 22ක ජල කප්පාදුවක්

16 January 2020

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි. එයට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටත්, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් අදාළ කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන අතර අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
 

More News..