brand logo

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 8ක් ජලය නැහැ

30 June 2019

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි කොළඹ ප්‍රදේශය භාර සහකාර සාමානාධිකාරී ඒ. කේ. කපුරුගේ මහතා සඳහන් කළේ කොළඹ 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 7.00 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බවයි. ඊට හේතුවී තිබෙන්නේ අඹතලේ සිට කොළඹ එළිහවුස් ජල තටාකයට ජලය රැගෙන යන නළ මාර්ගයක මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ඇති වූ කාන්දුවකි. නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.
 

More News..