brand logo

කොළඹ නගර සභා සේවකයන් PCR පරීක්ෂණයට

08 October 2020

කොළඹ මහ නගර සභාවේ ව්‍යාපෘති කාර්යාලයේ සහ තවත් අංශ කිහිපයක සේවක සේවිකාවන් (501) පන්සිය එක් දෙනකුට ඊයේ (7 දා) පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත. මිනුවන්ගොඩ ප්‍ර‍දේශයේ කොවිඩ් වැලඳුණු කාන්තාවකගේ සමීපතමයකු කොළඹ මහ නගර සභාවේ සේවය කිරීම නිසා මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක ප්‍රකාශ කරයි. තවද ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹ මහ නගර සභාවට සේවය සඳහා පැමිණෙන සේවක සේවිකාවන්ට නිවාඩු ලබා දුන් බවද ඇය පැවසුවාය. කොළඹ මහ නගර සභාවේ සේවක සේවිකාවන් 8000ක් පමණ සේවය කරති. මේ අතර ඊයේ (07දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසා සිටියේ කොළඹ නගර සභාවේ සේවකයකුට කොරෝනා ​වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන කටකතාව සම්පූර්ණයෙන් අසත්‍යයක් බවය. හෙතෙම කියා සිටියේ කොරෝනා ​වයිරසය ආසාදනය වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සේවය කරන ව්‍යාපෘති කළමනාකාර සහකාරවරියකගේ මවට බවය. උදයජීව ඒකනායක අශිකා ජයවීර
 

More News..