brand logo

කොළඹ නගරාධිපතිනියගේ බෝම්බ බිය යවන්න කෝටි ගණනක උපකරණ ගෙ​ෙනන තැතක්

04 May 2019

පාස්කු ඉරිදා බෝම්බ භීතිය ඉදිරියට දමා කොළඹ නගර සභාව​ කෝටි ගණනක් වටිනා පුපුරන ද්‍රව්‍ය සෙවීමේ යන්ත්‍ර මිලට ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම යන්ත්‍ර මිලට ගැනීමට සූදානම් වන්නේ කොළඹ නගර සභාව තුළ පුපුරන ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහාය. කොළඹ නගර සභාව මෙම මිලදී ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක උපදෙස් ඉල්ලා යවා ඇත. පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමේ උපකරණ (Explosive detectors) දහයක්, වෝල්ක් තෘ මෙට්ල් ඩිටෙක්ටර් 05ක් හා වාහන පරීක්ෂණ කරන කණ්ණාඩි (Search mirror) දහයක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි කොළඹ නගරාධිපතිනියගේ අත්සනින් 2019 අප්‍රේල් 23 පැවැති මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී නාගරික නිලධාරීන්ට නිකුත් කළ ලිපියක සඳහන්ය. කොළඹ නගර සභාවේ ඇතුළු වීමේ දොරටු හයක් පමණක් තිබියදී එකක් මිලියන 3.5ක් වටිනා ස්කැනර් දහයක් හා එකක් මිලියන 2.5ක් වටිනා එක්ස්ප්ලෝසිව් ඩිටෙක්ටර් දහයක් මිලට ගැනීමට සූදානම් වන බවත් ප්‍රධාන දොරටුවලට අමතරව නගරාධිපතිනිය කාර්යාලයට ඇතුළු වන තැනටත් වෙනමම උපකරණ යෙදීමට යෝජනා කර ඇති බවත් සති අග අරුණ කළ සොයා බැලීමකදී එහි නිලධාරීහු අනාවරණය කළහ. වහාම මෙම උපකරණ මිලදී ගන්නැයි කොළඹ පුරපතිනිය නියෝග කර ඇතත් වරිපනම් ගෙවීම ඇතුළු අවශ්‍යතා සඳහා ජනතාව පැමිණෙන මෙවැනි තැනකට ආරක්ෂක අමාත්‍යාංශයේවත්, කටුනායක ගුවන් තොටුපොළේවත් නැති ආරක්ෂාවක් යෙදීමට යාම මහජන මුදල් කාබාසිනියා කිරීමක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..