brand logo

කොළඹ දිස්ත්‍රික්කය පිළිබද වැඩි අවධානයක් යොමු කරන්න

20 November 2020

කොවිඩ්-19 වෛරසය මේ වන විට වැඩි වශයෙන් පවතින කොළඹ දිස්ත්‍රික්කය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි. සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දැනට වැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රක්කය තුළ කොවිඩ් දත්ත රැස් කිරීමේ කටයුතු නිසි පරිදි නොකළහොත් එය ඉදිරියේදී මුළු දිවයිනටම ගැටළු සහගත වියහැකි බවයි. වැඩි දුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා “කොළඹ දිස්ත්‍රික්කය තමයි මේ රෝග ව්‍යාප්තියේ කේන්ද්‍රය වෙලා තියෙන්නේ. අපි දකින කාරණයක් තමයි, කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් මේ දත්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පිහිටුවා තියෙන ජාතික ක්‍රියාන්විතය එම දත්ත නිවැරදිව සැපයිමක් වෙන්නේ නෑ. අපි දකිනවා තාමත් ප්‍රමාදයක් කොළඹ දිස්ත්‍රික්කයේ දත්ත එක්රැස්වීමේ ක්‍රියාවලිය තුළ. එය සිදුකිරීමේ විශාල වගකීමක් තියෙන කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමන් ඒ දත්ත එවන මන්දගාමීත්වයක් අපිට දකින්න ලැබෙනවා. අඩුම තරමින් දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමියට හෝ මෙම දත්ත නිවැරදිව ලබා දෙන්නේ නෑ. ආර්ථික වශයෙන් අපගේ තියෙන ඉතාමත් වැදගත් ප්‍රදේශයක් තමයි මේ කොළඹ හා කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ. එතකොට ඒ කොළඹ දිස්ත්‍රික්කය භාරව ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මේ ක්‍රියාකලාපය ඉදිරියේ දී මුළු රටටම බලපාන්න පුළුවන්.“
 

More News..