brand logo

කොළඹ දිනකට PCR 1000ක් සිදු කරනවා

19 November 2020

කොළඹ මහ නගර සභා සීමා තුළ දෛනිකව කොවිඩ් -19 වයිරස ආසාදිතයන් අනාවරණය කර ගැනීම වෙනුවෙන් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 200ක් සිදුකරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකය විසින් අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති කොළඹ මහනගර සභා සීමාව තුළ සිදුකෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ පිළිබඳව කරන ලද විමසීමකට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා මේ බව සඳහන් කළේය. ‘‘අපි කොළඹ නගර සීමාව තුළ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ දාහක් සිදුකරනවා. ඒ අතරින් අහඹු පී.සී.ආර්. පරීක්ෂණ දෙසීයක් සිදුකරනවා’’ යනුවෙන් වෛද්‍යවරයා පැවැසීය. මේ මොහොතේ වසංගතයෙන් ආරක්ෂාවීම වෙනුවෙන් තමා ඉදිරියට පැමිණෙන සියලුම පුද්ගලයන් කොවිඩ් -19 වයිරස ආසාදිතයන් ලෙස සලකා ආරක්ෂක පියවර අනුගමනය කරන වෛද්‍ය විජයමුණි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.‘‘මේ වයිරසය නිවසට රැගෙන යැමෙන් වළක්වා ගැනීමට නම් තමන් ඉදිරියට හමුවන සුපුරුදු පුද්ගලයන් පවා කොවිඩ් ආසාදිතයන් ලෙස සලකා කටයුතු කළ යුතුයි. අපිට හැමදාමත් ‘පද්මසිරි’ කියල කෙනෙක් හම්බවෙනවනම් මීට පස්සෙ ඔහුව පී.සී. පද්මසිරි කියල මතක තියාගන්න. ඒ කියන්නේ කොවිඩ් පොසිට්ව් (ආසාදිත) පද්මසිරි කියල. එතකොට අපිට මේකෙන් අාරක්ෂා වෙන්න පුළුවන්’’ නයන තරංග ගමගේ
 

More News..