brand logo

කොළඹ තරු හෝටලයක සිටි කංසා තෙල් වෙළෙන්දා අල්ලයි

08 January 2020

වසර දෙකහමාරකට අධික කාලයක් තිස්සේ කංසා තෙල් අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු කොළඹ තරුපහේ හෝටලයක නවාතැන්ගෙන සිටියදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙවන් ජාවාරමක් සිදුකළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද කංසා තෙල් විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමක් පිළිබඳව කරන ලද විමර්ශනවලින් අනතුරුව එම ජාවාරම සිදුකළ පුද්ගලයා පෙරේදා (06 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. කංසා තෙල් බටහිර රටවල් වල භාවිතා කරනු ලැබූවද එම තෙල මෙරට‍ ​ඖෂධයක් ලෙස නීතිගත කර නැත. මෙම වැටලීමේදී සැකකරු ළඟ තිබී කංසා තෙල් මිලිග්‍රෑම් 500 බැගින් වූ බෝතල් 20ක්, අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් බෝතලයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 17,500.00කි. අත්අඩංගුවට ගත් කංසා තෙල් බෝතල් තොගයේ මුළු වටිනාකම රුපියල් තුන්ලක්ෂ පනස්දහසකි. විශේෂිත වූ කංසා පැළෑටියකින් මෙම තෙල් නිෂ්පාදනය කරන බවත්, කංසා පැළ තොගයකින් තෙල් නිෂ්පාදනය කළ හැක්කේ ඉතා සුළු ප්‍රමාණයක් බව සුරාබදු නිලධාරීහු පවසති. උදයජීව ඒකනායක සාලිය කුමාර ගුණසේකර
 

More News..