brand logo

කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට PCR පරීක්ෂණ 200 ක්

12 January 2021

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති පී.සී.ආර්. පරීක්ෂණාගාරය මගින් දිනකට පරීක්ෂණ 200ක් සිදුකරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි. අද (12) සිට පී.සී.ආර්. පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගත් බව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. ඒ අනුව පැය 5ක් තුළ මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකියාව පවතින බව ඔහු පැවසීය. අද පෙරවරුවේ මෙම රසායනාගාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අයිතිය පැවරීමේ ලියකියවිලි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දී තිබේ. මෙතෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණායතනයෙන් හා මුල්ලේරියාව රෝහල විසින් සිදුකර ගෙන තිබේ.
 

More News..