brand logo

කොළඹ ජාතික රෝහලෙන් විශේෂ දැනුම්දීමක්

30 May 2021

පවත්නා කොරෝනා අවදානම හමුවේ සායන සඳහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට දුරකථන මාර්ගයෙන් ඒ සඳහා දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දී ඇත. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කරන්නේ මීට පෙර ලබාදී තිබු දුරකකථන අංක ඒ සඳහා භාවිත කළ හැකි බවයි. මේ අනුව ඔවුනට ඊළඟ සායන දිනය වෙන්කර ගත හැකි බවත් ජාතික රෝහලේ පොදු දුරකථන අංකය මඟින් ද ඒ පිළිබඳව විමසිය හැකි බවත් ඔහු සඳහන් කරයි. සායන හා සම්බන්ධ විය හැකි දුරකථන අංක පහතින් , හෘද රෝග සායනය 011 36 18 727 011 36 18 728 011 36 18 736 011 36 18 730 011 36 18 735 ස්නායු ශල්‍ය සායනය 011 36 18 754 වේදනා සමානක සායනය 011 36 18 762 රක්තවේද සායනය (සාමාන්‍ය) 011 36 18 538 රක්තවේද සායනය (විශේෂ) 011 36 18 770 ශල්‍ය සහ උරස් ශල්‍ය සායනය (කාමර අංක 17) 011 36 18 718 ශල්‍ය හා වාහිනීක සායනය (කාමර අංක 19) 011 36 18 719 චර්ම රෝග සායනය (කාමර අංක 25) 011 36 18 746
 

More News..