brand logo

කොළඹ ගොඩනැගිල්ලේ සිදුවූ පිපිරීමට හේතුව හෙළිවෙයි (වීඩියෝ)

20 November 2021

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අනාවරණය කළ දේ

කොළඹ තුරඟ තරඟ පිටිය ඉදිරිපිට ක්‍රීඩා මණ්ඩපයේ පිහිටි අවන්හල තුළ හටගත් ගින්නට හේතුව අනාවරණය වී තිබේ. අද අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ ජාත්‍යන්තර අවන්හලක ගින්නක් හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවූ බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ. කෙසේවෙතත් ගින්න හටගත් අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පිපිරීමක් ද සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබුණි. ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ ගොඩනැගිල්ල ඉදිරිපිට පිහිටි රථගාලේ රැඳී සිටි තරුණයින් දෙදෙනෙකු එලෙස සුළු තුවාල ලබා ඇති බවය. ඔවුන් දෙදෙනා රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ. https://youtu.be/rT3z1LoQzGE
 

More News..