brand logo

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වෙයි

18 November 2019

07වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් අද (18) දිනයේ දී කොළඹ කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වෙයි. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමක් වන අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් වෙයි. දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයක්ය. 2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් වන අතර සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කළම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන ලදී. වසරේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි-සියලු කොටස් ඒකක 106 කින් ඉහළට
 

More News..