brand logo

කොළඹ ඉනිමට ලකුණ 238 යි - ගාල්ල ඉනිමට ලකුණු 255යි

04 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් මේ වන විට දඹුල්ල සහ පල්ලේකැළේ ක්‍රීඩාංගණවල පැවැත්වෙමින් තිබේ. පල්ලේකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සහ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම අතර තරගය වේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවත්වෙන්නේ දිනේශ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම අතර තරගය වේ.

පැල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ තොරතුරු

මුලින්ම පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 255ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 65ක් ලබාගැනීමට සමත් විය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ. සදුන් වීරක්කොඩි ලකුණු හතරේ පහර 9ක් සමග ලකුණු 56ක් ලබාගත්තේය. පන්දු යැවිමේදී නුවර කණ්ඩායමේ කසුන් රජිත සහ ජෙෆ්රි වැන්ඩසී කඩුළු 3 බැගින් දවාගත්තේය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවත්වෙන තරගයේ තොරතුරු

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 238ක් රැස්කර ගැනීමට සමත්විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 57ක් ලබාගැනීමට සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54ක් ලබාගත් අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් වේ. නායක චන්දිමාල් ලකුණු 42ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙකක් දවාගත් අතර, ධනුෂ්ක ගුණතිලක සහ ලක්ෂාන් සදකැන් එක් කඩුල්ල බැගින් දවාගත්තේය. https://youtu.be/01NovQmeqCU
 

More News..