brand logo

කොළඹ ආසාදිතයින් ගණන සීඝ්‍රයෙන් ඉහළට

12 November 2020

ඊයේ(11) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 635 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි. වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 264ක් කොළඹින් හඳුනා ගෙන ඇත. මෙය කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතෙක් හඳුනාගැනුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව ද එම මධ්‍යස්ථානය පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශ 18 තුලින් ආසාදිතයින් 74ක් වාර්තා වී ඇත. ඊට අමතරව කොටුව ප්‍රදේශයෙන් 20දෙනෙකු, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 10දෙනෙකු, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 05දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 12දෙනෙකු, කොල්ලුපිටිය ප්‍රදේශයෙන් 04දෙනෙකු, නුගේගොඩ ප්‍රදේශයෙන් 02දෙනෙකු, මාලිගාවත්ත ප්‍රදේශයෙන් 15දෙනෙකු, මෝදර ප්‍රදේශයෙන් 06දෙනෙකු, කොටහේන ප්‍රදේශයෙන් 14දෙනෙකු, පිළියන්දල ප්‍රදේශයෙන් 02දෙනෙකු, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් 20දෙනෙකු, දෙහිවල සහ අතුරුගිරිය ප්‍රදේශවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වේ. ඊට අමතරව බොරැල්ල ප්‍රදේශයෙන් ආසාදිතයින් 09දෙනෙකු, රාජගිරිය ප්‍රදේශයෙන් එක්කෙනෙකු, ගල්කිස්ස ප්‍රදේශයෙන් 05දෙනෙකු, කිරුළපොන ප්‍රදේශයෙන් 02දෙනෙකු, දෙමටගොඩ ප්‍රදේශයෙන් 05දෙනෙකු, කොහුවල ප්‍රදේශයෙන් එක්කෙනෙකු, මරදාන ප්‍රදේශයෙන් 15දෙනෙකු, කඩුවෙල ප්‍රදේශයෙන් 20දෙනෙකු, බත්තරමුල්ල ප්‍රදේශයෙන් 04දෙනෙකු, කොලොන්නාව ප්‍රදේශයෙන් 03දෙනෙකු, මොරටුව ප්‍රදේශයෙන් 02දෙනෙකු, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් එක්කෙනෙකු, කොම්පඤ්ඤ වීදියප්‍රදේශයෙන් 03දෙනෙකු, නාරාහේන්පිට ප්‍රදේශයෙන් එක්කෙනෙකු, වැල්ලවත්ත ප්‍රදේශයෙන් 04දෙනෙකු සහ පාදුක්ක ප්‍රදේශයෙන් එක්කෙනෙකු බැගින් වාර්තා වී ඇත. කොළඹ මහ නගර සභාවේ 09දෙනෙකු, චයිනා හාබර් සේවකයින් 47දෙනෙකු, කොළඹ වරායේ සේවකයින් 31දෙනෙකු,පොලිසියේ නිලධාරින් 74දෙනෙකු, මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 05දෙනෙකු සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 10දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. දෙවෙනියට වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 136ක් ගම්පහින් වාර්තා වී ඇත. මහනුවර දිස්ත්‍රික්කයෙන් 25දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන්18 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 5 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දෙදෙනෙකු සහ රත්නපුර, අම්පාර, නුවරඑළිය, බදුල්ල, යාපනය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇති බව කොවිඩ් 19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.    
 

More News..