brand logo

කොළඹ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ 400න් 19කට කොරෝනා

10 November 2020

අද දිනය වන විට කොළඹ නගරය තුළින් පමණක් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2850ක් වන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි. එම සංඛ්‍යාව මෙන් හතර ගුණයක ප්‍රමාණයක ආසාදිතයින් සංඛ්‍යාවක් සමාජයේ සැරිසරමින් සිටින බව ඔහු සදහන් කරයි. ඒ පිළිබදව වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැහැදිලි කරමින් කියා සිටියේ කොළඹ නගරය තුළ අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතර, එහිදී 400ක් පී.සී.ආර්. සදහා යොමු කළ විට ඉන් 19දෙනෙකුට කොවිඩ්-19 පොසිටිව් වී ඇති බවයි. එය 5%ක් පමණ වන බවත්, එය ලක්ෂ 6කින් බැලූවිට 30,000ක ප්‍රමාණයක් වෛරසයත් සමග නිරන්තරයෙන් සැරිසරනවා විය හැකි යැයි ඔහු පෙන්වා දෙයි. ඔවුන් සියලුදෙනා තුළ වෛරසය ඇති නමුත්, ඔවුන් එය පතුරනවා යැයි කිවනොහැකියි. කෙසේ වෙතත් එම භායනක තත්ත්වය අප දැනගත යුතු බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.
 

More News..