brand logo

කොළඹින් ගෙයක් ගන්න ඉන්න අයට අලුත් ආරංචියක්

19 August 2022

කොළඹ ඉඩම් මිල ඉහළට

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව මඟින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකයේ අගය 17%ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කරමින් දර්ශක අංක 186.9 දක්වා ඉහල ගොස් තිබේ. ඉඩම් තක්සේරු දර්ශකයේ ඉහළයාම නේවාසික, වාණිජ හා කාර්මික යන අනුදර්ශක තුනෙහිම ඉහළයාමේ ප්‍රතිඵලයක් බව මහ බැංකුව පවසයි. මෙහිදී කාර්මික ඉඩම් මිල 20.6% ක වාර්ෂික වර්ධනයක් සමඟ වැඩිම ප්‍රතිශතයකින් ඉහළයාමක් පෙන්නුම් කරයි. වැඩිදුරටත් වාර්තාවන්නේ ඉන් පසුව අනුපිළිවෙලින් වාණිජ හා නේවාසික ඉඩම් මිල ඉහළයාමක්ද පෙන්නුම් කර ඇති බවය. මේ අතර, මෙරට මහල් නිවහන් වල මිල ගණන් ද පසුගිය වසරට සාපේක්ෂව 45.17% කින් ඉහල ගොස් තිබේ. ලංකා ප්‍රොපර්ටි වෙබ් අඩවිය මඟින් පෙන්වාදෙන්නේ ඩොලරය අවප්‍රමාණ වීම, ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල ඉහළ යාම, නිවාස ණය පොලී ඉහළයාම මෙලෙස ඉදිකළ නිවාස සහ මහල් නිවාස සඳහා ඉල්ලුම ඉහල යාමට හේතු වී ඇති බවය.
 

More News..