brand logo

කොළඹින් කල්මුණේට ගිය ලංගම රියැදුරුට කොවිඩ්

14 January 2021

කොළඹ සිට කල්මුණේ දක්වා ධාවනය වූ ලංගම බස් රථ රියැදුරෙකුට පෙරේදා (12දා) කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සේවකයන් විසි පහක පමණ පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත. කොවිඩ් ආශ්‍රිතයකු වශයෙන් පසුගියදා (11දා) පී.සී.ආර්. පරීක්ෂණයක්ද සිදු කර ඇති බවත් එම වාර්තාව ලැබීමට පළමුව ඩිපෝ අධිකාරීවරයා විසින් මොහුව​ සේවයට යොදවා ඇති බවත් ලංගම සේවකයෝ චෝදනා කරති. මොවුන් ආශ්‍රිතයන් වශයෙන් හඳුනාගත් රියැදුරු කොන්දොස්තරවරුන් ඇතුළු පිරිසට නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට උපදෙස් දී ඇතත් පවතින තත්ත්වය උඩ එලෙස නිවෙස් කරා යාම අනාරක්ෂිත බවද පෙන්වා දෙන ලංගම සේවකයන් තමන්ට නිරෝධායනය සඳහා සුදුසු තැනක් වෙන් කර දෙන්නැයි ඉල්ලා සිටිති. එෆ්. අස්ලම්
 

More News..