brand logo

කොළඹට පැය 10ක් වතුර නෑ

21 May 2022

අද වතුර කපන ප්‍රදේශ මෙන්න

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන අද(21) ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ මහ කොළඹ ජල හා අපජල කළමණාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ජලය බෙදාහැරීම් පද්ධතියේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි. මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලටයි. ඒ අනුව අද පස්වරු 10.00 සිට මැයි මස 22 වන ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව කොළඹ 01 සහ කොළඹ 11 යන ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි. මෙම ජල සැපයුම විසන්ධි කිරීම හේතුවෙන් ජල පාරිභෝගිකයින්ට සිදුවන අපසුතාවය පිළිබදව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පල කරන අතර, අවශ්‍ය ජලය කල් තබා රැස්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
 

More News..