brand logo

රෙදි වෙළෙන්දා කොස්තාල්ගේ මුහුණ කපලා

12 April 2021

පස්සර නගරයේ සේවයේ නියුතු පොලිස් කොස්තාල්ගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුදයකින් පහරදුන් රෙදි වෙළෙන්ඳකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ගය අවහිර වන අයුරින් තිබූ තහඩුවක් ඉවත් කරගැන්නැයි නගයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු රෙදි කඩ හිමියාට දැනුම් දූන් අවස්ථාවේ බහින් බස් වීමක් සිදුව ඇත. කෙසේ නමුත් දුර දිග ගිය බහින්බස් වීම තියුණු ආයුදයකින් පොලිස් කොස්තාල්වරයාට පහරදීමක් දක්වා වර්ධනය වී තිබෙන බව සඳහන් ය. තුවාල ලැබූ පොලිස් කොස්තාල්වරයා පස්සර රෝහලටත් එතැනින් බදුල්ල රෝහලටත් මාරු කර යවා ඇත. මේ අතර රෙදි වෙළෙන්දා ඒ අවස්ථාවේ බීමත්ව සිටියේ දැයි දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය.
 

More News..