brand logo

කොස්තාපල් ඝාතනයේ සැලැස්ම වැලිකඩ බන්ධනාගරයෙන්

24 February 2020

කඩවත පොලිස් කොස්තාපල් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට ඝාතකයන්ට මුදල් හා උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත. මත්කුඩු ජාවාරම සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ක්‍රිශාන්ත නමැත්තකු විසින් මෙම පොලිස් කොස්තාපල් තම බිරිඳ සමග පවත්නා අනියම් සම්බන්ධයට පළිගැනීමක් වශයෙන් පුතුන් දෙදෙනා හා ඥාති පුතුන් පොලඹවා ඝාතනය කර ඇතැයි හෙළිවී ඇත. පොලිස් කොස්තාපල් රියැදුරා වූ ජයන්ත රාජපක්ෂ ඝාතනය සඳහා ඔහු සමග අනියම් සබඳතා පැවැත්වූ ජබ්බි හෙවත් නිල්මිණිද, පුතුන් දෙදෙනාට සහාය වී ඇතැයි හෙළිවී ඇත. මෙම ජබ්බි නමැති කාන්තාව පාතාල නායකයකු වූ ඩී. මංජුගේ බිරිඳගේ නැන්දා වන අතර එම ඝාතනයට ඩී. මංජුගේ බිරිඳත් සහායට ගෙන ඇතැයි හෙළිවී තිබේ. පොලිස් කොස්තාපල්වරයා ජබ්බි නමැති කුඩු හා අයිස් විකුණන කාන්තාව සමග වසර ගණනක සිට අනියම් සබඳතා පවත්වා ඇති බවත්, ඔහුද අයිස් නමැති මත්ද්‍රව්‍යය ඇතුළු මත්කුඩු භාවිතයට මෙන්ම පොලිස් සේවයේ සිටියදීම ජබ්බි සමග ජාවාරම්වලත් නිරත වී ඇති බවත් හෙළිවී ඇත. මෙම ජබ්බි නමැති කාන්තාවගේ 21 හැවිරිදි පුතා හා 14 හැවිරිදි පුතාත් අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරුවී ඇති බවත් හෙළිවී ඇත. ජබ්බිගේ සැමියා වූ ක්‍රිශාන්ත සිරගත වූ පසුව පොලිස් කොස්තාපල්වරයා ජබ්බි සමග සබඳතා පවත්වමින් ක්‍රිශාන්තට අයත් ප්‍රියස් වර්ගයේ මෝටර් රථය භාවිතයට ගෙන ජබ්බිගේ මුදල්වලින් රුපියල් ලක්ෂ පහක පමණ යතුරුපැදියක්ද ගෙන ඇතැයි හෙළිවී ඇත. මුදල් ආරවුල්වලදී කොස්තාපල්වරයා ජබ්බිට පහරදීමත්, බාල පුතාට පෙනි පෙනී ජබ්බි සමග අසංවර ලෙස හැසිරීමත් නිසා ජබ්බිගේ දරුවන් මේ ගැන සිරගතව සිටින සිය පියාට දන්වා ඇත. මේ අනුව සිරගතව සිටින පියාගේ උපදෙස් මත වැඩිමල් පුතා වූ බන්ටි කොස්තාපල් ඝාතනය සැලසුම් කර ඇත්තේ මවගේද සහාය ලබා ගනිමින්ය. මේ වන විට කොස්තාපල්වරයා විසින් හොඳින් හෝ නරකින් තමන් ද, තම දේපළ ද ඇතුළු බොහෝ දේ පාලනය කරන්නට වීම ජබ්බීටද හිසරදයක් වී තිබූ බව පෙනෙයි. ඝාතනය සඳහා ඇයගේ සහය ලැබෙන්නේ ඒ අනුව විය යුතුය. කොස්තාපල්වරයා පැහැර ගැනීම සිදුවූ පසුගිය සතියේ 17 දා ජබ්බි ඩී. මංජුගේ බිරිඳගේ නිවසට පැමිණි පොලිස් කොස්තාවල්වරයාට දුරකථන ඇමතුමක් දී ගෙන්වාගෙන කිරිබත්ගොඩ හුණුපිටිය පාරේ නෙත්සර හෝටලයට ගොස් ඇත. පොලිස් කොස්තාපල්වරයා හා ජබ්බි කුඩු පැකට් කිරීම සඳහා නිතර හෝටල් කාමරවලට යන එන බව හෙළිවී ඇත. අලුයම 1.20 ට පමණ ඔවුන් හෝටලයට ගොස් ඇති අතර ජබ්බි විසින් ඩී. මංජුගේ බිරිඳ වූ තක්ෂිලාට දුරකථන ඇමතුමක් දී රෑට කෑමට දෙයක් හා සිගරට් හතරක් ගෙනවිත් දෙන්නැයි අලුයම 1.40 ට දන්නා ඇත. එය පොලිස් කොස්තාපල්වරයා පැහැර ගැනීමට ජබ්බිගේ පුතු බන්ටිලා කළ සැලසුමක් බව දැනට කරන පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත. ජබ්බිගේ ඇමතුමට අනුව කෑම රැගෙන තක්ෂිලා පැමිණ ඇති අතර කෑම ගැනීමට හෝටලයෙන් පිටතට යන ලෙස ජබ්බි කොස්තාපල් රාජපක්ෂට දන්වා පිටත් කර යවා ඇත. තක්ෂිලා විසින් ත්‍රිරෝද රථයකින් පැමිණ කෑම දී පිටට යද්දීම ත්‍රිරෝද රථයකින් පැමිණෙන බන්ටි, සුද්දා, රවිෂාන්, තබ්බා, ඉසෙඩ් යන පස්දෙනා කොස්තාපල්ට පහර දී පැහැරගෙන ගොස් ඇත. එහිදී පොලිස් කොස්තාපල්ට පහර දී වැලි පාරේ පිහිටි බන්ටිලාගේ නිවස අසලට ගෙස් තබ්බාව බස්සවා පන්නල දක්වා කිලෝමීටර් 85 ක් පමණ රාත්‍රියේම ගමන් කොට ඇත. පන්නල බලා මෙම පිරිස ගොස් ඇත්තේ සුද්දා නමැති බන්ටිගේ පුංචි අම්මාගේ පුතාගේ මහගෙවල් පන්නල තිබූ නිසාය. පන්නල කැලයකට ගෙන ගොස් පහර දී කඩුවලින් කෙටා කොස්තාපල්වරයා ඝාතනය කර රහස් අවයවද කපා දමා ඇත. ඉන්පසුව සිරගෙදර සිටින තම පියාටද වීඩියෝ ඇමතුමකින් කොස්තාපල්වරයා ඝාතනය කළ හැටි බන්ටි විසින් පෙන්වා ඇත. ඝාතනය කළ කොස්තාපල්ගේ සිරුරු ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් සුද්දාගේ නිවසට පසුපසින් වූ ළඳු කැලෑවකට උදෑසන 6.30 ට පමණ දමා ත්‍රිරෝද රථය වැවකින් සෝදාගෙන ඇත. ඝාතනයෙන් පසු කොළඹට ආ බන්ටි, සුද්දා ඇතුළු පිරිස යළිත් දින එකහමාරකට පසුව පන්නල බලා ගොස් නරක්වූ මළසිරුර යළිත් ඇඳ ඇතිරිල්ලක ඔතා එතැන සිට කිලෝමීටර් පහක් පමණ ඈතින් වූ කැලෑවකට දමා ගොස් ඇත. තම නිවස ආසන්නයේ තිබී කොස්තාපල්ගේ සිරුර හමුවූවොත් ප්‍රශ්නයක් වේයැයි කියා සුද්දා විසින් බන්ටි සමග විත් සිරුර නැවත දමන්නට කටයුතු කළ බව පවසා ඇත. කොස්තාපල් රාජපක්ෂගේ අතුරුදන්වීම ගැන බස්නාහිර උතුරු භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර විසින් කැලණිය කොට්ඨ‍ාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු කණ්ඩායම යොදා කළ විමර්ශනයේදී රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට දුරකථන මගින් ඝාතකයන්ට මුදල් හා උපදෙස් දෙන බව හෙළිවී ඇත. එම තොරතුර සමග බන්ධනාගාර ප්‍රධානීන්ට මේ බව දන්වා සිරමැදිරිවල කළ සෝදිසියකදී සිර මැදිරියේ තිබී ජංගම දුරකථන බන්ධනාගාර භාරයට ගෙන නිශාන්ත නමැත්තා වෙනත් සිර මැදිරියකට දමා ඇත. ඝාතකයන්ට මුදල් සැපයෙන මාර්ග ඇනහිටීමත් සමග කඳාන ප්‍රදේශයේ ඥාතියකුට කතා කර බැංකු ගිණුම් අංකයක් එස්.එම්.එස්. කර එයට මුදල් දමාගත් බවට පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු විමර්ශන කණ්ඩායම හෙළිකර ගත්තේය. ඒ අනුව දුරකථන ජාල පරීක්ෂණයක් කර සුද්දා, බන්ටි, රවිෂාන් ඇතුළු ඝාතනයට සම්බන්ධ වූවන් හා ඩී. මංජුගේ බිරිඳ හා කොස්තාපල්ගේ අනියම් බිරිඳ වූ ජබ්බි අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනය වූ කොස්තාපල්ගේ සිරුර හා ඝාතනයට යොදාගත් කඩු දෙකක්, ත්‍රිරෝද රථයත් සමග සම්පූර්ණ ඝාතන සැලැස්ම මේ වනවිට අනාවරණය වී ඇත.   තිස්ස රවීන්ද්‍ර පෙරේරා තිළිණි පවිත්‍රා අධිකාරී පන්නල
 

More News..