brand logo

කොස්තාපල්වරියන් දෙදෙනෙකුට කොරෝනා

18 May 2021

ගල්කිස්ස පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුට ‌කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. රත්මලාන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ එම නිලධාරිනියින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සහකාර පොලිස් අධිකාරී වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දසදෙනකු නිරෝධායනයට යොමු කළ බවයි. එම කොස්තාපල්වරියන් දෙදෙනාගෙන් එක් කොස්තාපල්වරියක් ගල්කිස්ස දිස්ත්‍රික් 2 සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන අතර, අනෙක් කොස්තාපල්වරිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට හා අනියුක්තව සේවය කරනු ලබයි. ඔවුන් උණ රෝගය වැළදීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නාරහෙන්පිට පොලිස් රෝහල වෙත ගිය අවස්ථාවේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයකදී කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අංශ පැවසීය .
 

More News..