brand logo

කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ආමි රුවන් අත්අඩංගුවට

03 November 2019

පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ හොඳම වෙඩික්කරු ලෙස සැලකෙන මනුෂ්‍ය ඝාතන සිද්ධින් 3 කට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු මිරිහාන කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවටද අනාවරණය වන රුවන් කුමාර හෙවත් ආමි රුවන් නැමති 29 හැවිරිදි පුද්ගලයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම සැකකරු ඊයේ උඩහමුල්ල ඩිපෝව ආසන්නයේ ඇති බස්නැවතුම් පලකදී අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
 

More News..