brand logo

කොස්ගොඩ තාරකගේ සහ ගගනගේ සමීපතමයෙකු අත්අඩංගුවට

18 July 2020

පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකින් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (17) දහවල් මහරගම පොලිස් වසමේ ඇරැව්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකව හෙරොයින් ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 170ක් ද පොලිසිය බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන ඇරැව්වල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන "කොස්ගොඩ තාරක" හා "ගගන" යන පාතාල කල්ලි සාමාජිකයින්ගේ මහා පරිමාණ හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ බවට හා 2019.02.22 දින මහරගම පොලිස් වසමේ දී පිස්තෝලයකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු යි. සැකකරු අද (18) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.
 

More News..