brand logo

කොවිෂීල්ඩ් එන්නත් ගැන ජපන් අගමැතිගෙන් සුභවාදී ප්‍රතිචාර

09 June 2021

ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබාදෙන්නැයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර අද (09) පෙරවරුවේ හමුවේදී මේ සම්බන්ධ සුබවාදී ප්‍රතිචාරය ලැබී ඇත. මේ අනුව කොවිඩ් මර්දන වෛද්‍ය හා සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනිමට ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමට ද ජපාන රජයේ එකඟතාව පළ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මීට අමතරව සමුද්‍රීය අනතුරු පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමුකර ඇත.
 

More News..