brand logo

කොවිව්ඩ් රෝගීන්ගේ රුධිරය කැටි ගැසීමට හේතු සොයාගැනේ

17 June 2021

කොවිඩ්-19 වැලඳෙන රෝගීන් තුළ රුධිරය කැටි ගැසීමේ තත්ත්වයක් ඇති වීමට හේතුව සොයා ගැනීමට අයර්ලන්තයේ පර්‌යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත.

ඔවුන් මෙහි දී සොයාගෙන ඇත්තෙ රුධිරය කැටි ගැසීම සඳහා හේතු වන වොන් විලබ්‍රෑන්ඩ් සාධකය (Von Willebrand Factor) නමින් හැඳින්වෙන අණු විශේෂයක් සහ එහි ක්‍රියාකාරිත්වය මැඩ පැවැත්වීමට කටයුතු කරන ADAMTS13 නමින් හැඳින්වෙන එන්සයිමයක් අතර සමතුලිතතාව කොවිඩ් රෝගීන් තුළ බිඳ වැටීම මෙයට බලපාන බවකි.

මෙම සමතුලිතතාව බිඳ වැටීම නිසා ලේ කැටී ගැසීම පාලනය කිරීමේ හැකියාව අඩු වීමෙන් බරපතල තත්ත්ව ඇති වන බව පර්‌යේෂකයන් සොයාගෙන තිබේ. රුධිරය කැටි ගැසීම නිසා කොවිඩ් රෝගීන් සැලකිය යුතු තරම් සංඛ්‍යාවක් මේ වන විටත් මරණයට පත්ව තිබේ. අයර්ලන්තයේ පර්‌යේෂකයන්ගේ සොයා ගැනීම ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස මේ වනවිට අවධානයට ලක්ව ඇත. මේ නිසා ඉදිරියේ දී මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සොයා ගැනීමට හැකි වනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඉහත කී පර්‌යේෂකයන් සිය කටයුතු සඳහා යොදාගෙන තිබුණේ ඩබ්ලින්හි රෝහලක කොවිඩ් රෝගීන්ගේ රුධිර සාම්පලය. රුධිරය කැටි ගැසීම සඳහා හේතු වන වොන් විල්බ්‍රෑන්ඩ් සාධකය ඒවායේ වැඩියෙන් අඩංගු වූ බවත්, රුධිරය කැටි ගැසීම පාලනය කිරීමට උදව් වන ADAMTS13 එන්සයිමය අඩු මට්ටමක පැවැති බවත් හෙළි වී තිබිණි. මෙම එන්සයිමය අඩු කිරීමට දායක වූ යම් කාරණාද මෙහි දී සොයා ගැනීමට හැකිව තිබූ බව සඳහන් වේ. සහන් වික්‍රමගේ
 

More News..