brand logo

කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ ගණන 1446ක් දක්වා ඉහළට

19 June 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 25දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට තුළ පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 1446ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 1947ක් මෙරටින් හදුනා ගෙන ඇති අතර, ඉන් 490ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11දෙනෙකු මෙරට තුළ මේ වන විට ගොස් තිබේ.
 

More News..