brand logo

කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ ගණන 50000 ඉක්මවයි

25 January 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 653දෙනෙකු පූර්ණ සුවය ලබා අද දින ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වී ඉන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50337කි. මෙරට තුළ කොවිඩ් ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 58430කි. ඉන් ආසාදිතයින් 7810දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රැදී සිටින බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 283කි.
 

More News..